ගෑස් නෞකා දෙකක් අද සහ හෙට දිවයිනට – මිල සංශෝධනයත් හෙට

ගෑස් රැගත් නෞකා දෙකක් අද (05) සහ හෙට (06) දිනවල දී මෙරටට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් එම නෞකා දෙක මඟින් රැගෙන එන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා ප්‍රමාණවත් ගෑස් ඇණවුම් සිදුකර ඇති බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් ඊයේ (04) සඳහන් කළේ.

එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම නව සිලින්ඩර් තොග ලබන ජනවාරි මාසයෙන් පසු වෙළෙඳපොළට නිකුත් කරන බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර, මිල සූත්‍රය අනුව ගෑස් මිල සංශෝධනය හෙට හෙට (06) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?