ගෑස් ගැන ඇහෙන සුබම සුබ පුවත මෙන්න

ගෘහස්ථ භාවිතය සඳහා ගෑස් සිලින්ඩර් 80,000ක් අද (21) වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි.මෙරටට ගෙනා ගෑස් සිලින්ඩර්වලට පුරවා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම කෙරවලපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තයේදී අදත් සිදුවේ.

එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් තවත් නෞකාවක් හෙට (22) පස්වරුව පමණ වනවිට මෙරටට ළඟා වනු ඇති බවද ලිට්‍රෝ ආරංචි මාර්ග සඳහන් කළේය.කෙසේවෙතත් වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟය තවදුරටත් පවතී.

මේ අතර මිල ඉහළ දැමූ ලාෆ්ස් ගෑස් සිලින්ඩර 400ක් අද පෙරවරුවේ ගාල්ල නගරය වෙත ලැබී තිබේ.එම සිලින්ඩර මිලදී ගැනීම සඳහා 1,000කට වැඩි පාරිභෝගිකයින් පිරිසක් පෝලීම්වල රැඳී සිටි බව අපට දැක ගන්නට ලැබිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?