AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ගන්න අදත් පෝලිමේ ද ?

පසුගිය 26 වනදා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූ එල්.පී.ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාව අද (29) දිනයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහි ගෑස් ගොඩබෑම් සිදුකිරීමෙන් අනතුරුව හෙට (30) සිට බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවයි ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේ.

එම සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ ගෑස් ලබා ගැනීම සඳහා අද (29) දිනයේ පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

ගෑස් රැගත් තවත් නෞකා 02ක් ලබන මස පළමු සතිය තුළ මෙරටට ළඟා වීමට නියමිත බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?