ගැරඬිඇල්ල බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න බෙල් 412 හෙලිකොප්ටර් 02ක්

ගැරඬිඇල්ල බස් රථ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා ‍02ක් සූදානමින් තබන ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් දී තිබෙනවා.

ඒ, අනුව බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

අද (11) අලුයම සිදුවූ මෙම බස් රථ අනතුරින් තුවාල ලැබූ 35 කට අසන්න පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර මෙම අනතුරින් අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට මෙම වන්දි ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?