ගැරඬිඇල්ල බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න බෙල් 412 හෙලිකොප්ටර් 02ක්

ගැරඬිඇල්ල බස් රථ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා ‍02ක් සූදානමින් තබන ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් දී තිබෙනවා.

ඒ, අනුව බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

අද (11) අලුයම සිදුවූ මෙම බස් රථ අනතුරින් තුවාල ලැබූ 35 කට අසන්න පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර මෙම අනතුරින් අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට මෙම වන්දි ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26