ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය සහ ආයුධ සමඟ ඇල්ලූ සැකකරුවන් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

දකුණු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය සහ ආයුධ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනා ඉන 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් ඊයේ (13) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සකකරුවන් පස්දෙනෙක් සමඟ භාරයටගැනුණු අතර, එම යාත්‍රාවට අධාර සැපයූ බවට සක කෙරෙන තවත් ධීවර යාත්‍රාවක් ද සැකකරුවන් පස්දෙනෙක් සමඟ සකකරුවන් සිය භාරයට ගැනුණා.

එලෙස නාවික හමුදා භාරයට ගැනුණු යාත්‍රා දෙක සහ සැකරුවන් පෙරේදා (12) දිනයේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී එක යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 ග්‍රෑම් 326ක් සහ පිස්තෝල අවි 08ක්, මැගසින් 15ක්, ටී56 අවි 2ක්, M16 වර්ගයේ ගිනි අවියක් හා එම මැගසින් 04ක් සොයා ගැනුණා.

අනතුරුව එම සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් අතර, ඒ අනුයි සැකකරුවන් අධිරණය වෙත ඉදිරිපත් කර තිබුණේ.

ඒ, හෙරොයින් කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 ග්‍රෑම් 326ක් සන්තකයේ තබාගැනීම, ආනයනය හා ජාවාරම් කිරීම, පිස්තෝල අවි 8ක්, මැගසින් 15ක්, ටී56 අවි 2ක්, M16 වර්ගයේ ගිනි අවියක් හා එම මැගසින් 04ක් ආනයනය කිරීම හා සන්තකයේ තබාගැනීම, එම වැරදි සඳහා ආධාර අනුබලදීම යටතේයි.

මෙලෙස අධිරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් අවුරුදු 22ත් 49ත් අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, මීගමුව, වෙන්නප්පුව,නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය සහ ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08