ගැඹුරු කුහරයකට ඇද වැටුණු තවත් දරුවෙක් මියයයි

වියට්නාමයේ ඉදිකිරීම් බිමක ගැඹුරු කුහරයකට ඇද වැටුණු කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොන්ක්‍රීට් දැමීම වෙනුවෙන් සකසා තිබූ කුහරයක් වෙත මෙම දරුවා ඇද වැටී තිබුණේ පසුගිය දෙසැම්බර් මස 31 වනදායි.

10 හැවිරිදි මෙම දරුවා සිය මිතුරන් සමග පසුගියදා මෙම වැඩ බිමට පැමිණ ඇත්තේ ඉවත දමන ලෝහ කැබලි එකතු කිරීම වෙනුවෙන්.

එහිදී ලෝහ කැබලි එකතු කරමින් සිටියදී දරුවා වැඩ බිමේ තිබූ අඩි 35ක් පමණ ගැඹුරින් යුත් සෙන්ටිමීටර් 25ක පමණ පළලකින් යුක්ත වූ කුහරයක් වෙත ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් පැය භාගයක පමණ කාලයක් තුල සහන කණ්ඩායම් දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

වියට්නාමයේ මාධ්‍ය වාර්තා කළේ දරුවා ඇද වැටුණු කුහරය වඩාත් පටු වීම හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම අපහසු වුව ද සහන කණ්ඩායම් දරුවා බේරා ගැනීම වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දැරූ බවයි.

පසුව ලෝකයේම හදවත් කම්පා කරවමින් කුහරයට ඇදවැටුණු දරුවා ජීවිතයෙන් සමුගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය සඳුදා, අගමැති Pham Minh Chinh මෙම දරුවා බේරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අදාළ ආයතනවලට නියෝග කර තිබුණා.

නීතියක් උල්ලංඝණය කිරීමක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අනෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය කරන ලෙසටයි ඔහු ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෑත වසරවලදී වියට්නාමයේ ඉදිකිරීම් ස්ථානවල ළමුන් සම්බන්ධ අනතුරු කිහිපයක් වාර්තා වී ඇති බවයි.

මීට සති කිහිපයකට පෙර, ඩොං නයි පළාතේ කොන්ක්‍රීට් වළකට වැටුණු 5 හැවිරිදි දැරියක් බේරා ගනු ලැබුවා.

2020 අගෝස්තු මාසයේදී, Bien Hoa නගරයේ නිවාස ව්‍යාපෘතියක 7 හැවිරිදි දරුවෙකු ආවරණය නොකළ කාණුවකට වැටී මිය ගියා.

වියට්නාම රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ සෑම වසරකම සාමාන්‍යයෙන් ළමුන් 370,000කට වැඩි පිරිසක් හදිසි අනතුරුවලින් තුවාල ලබන අතර ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 15 සිට 19 දක්වා වන ළමයින් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?