ගැඹුරු කුහරයකට ඇද වැටුණු තවත් දරුවෙක් මියයයි

වියට්නාමයේ ඉදිකිරීම් බිමක ගැඹුරු කුහරයකට ඇද වැටුණු කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොන්ක්‍රීට් දැමීම වෙනුවෙන් සකසා තිබූ කුහරයක් වෙත මෙම දරුවා ඇද වැටී තිබුණේ පසුගිය දෙසැම්බර් මස 31 වනදායි.

10 හැවිරිදි මෙම දරුවා සිය මිතුරන් සමග පසුගියදා මෙම වැඩ බිමට පැමිණ ඇත්තේ ඉවත දමන ලෝහ කැබලි එකතු කිරීම වෙනුවෙන්.

එහිදී ලෝහ කැබලි එකතු කරමින් සිටියදී දරුවා වැඩ බිමේ තිබූ අඩි 35ක් පමණ ගැඹුරින් යුත් සෙන්ටිමීටර් 25ක පමණ පළලකින් යුක්ත වූ කුහරයක් වෙත ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් පැය භාගයක පමණ කාලයක් තුල සහන කණ්ඩායම් දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

වියට්නාමයේ මාධ්‍ය වාර්තා කළේ දරුවා ඇද වැටුණු කුහරය වඩාත් පටු වීම හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම අපහසු වුව ද සහන කණ්ඩායම් දරුවා බේරා ගැනීම වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දැරූ බවයි.

පසුව ලෝකයේම හදවත් කම්පා කරවමින් කුහරයට ඇදවැටුණු දරුවා ජීවිතයෙන් සමුගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය සඳුදා, අගමැති Pham Minh Chinh මෙම දරුවා බේරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අදාළ ආයතනවලට නියෝග කර තිබුණා.

නීතියක් උල්ලංඝණය කිරීමක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අනෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය කරන ලෙසටයි ඔහු ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෑත වසරවලදී වියට්නාමයේ ඉදිකිරීම් ස්ථානවල ළමුන් සම්බන්ධ අනතුරු කිහිපයක් වාර්තා වී ඇති බවයි.

මීට සති කිහිපයකට පෙර, ඩොං නයි පළාතේ කොන්ක්‍රීට් වළකට වැටුණු 5 හැවිරිදි දැරියක් බේරා ගනු ලැබුවා.

2020 අගෝස්තු මාසයේදී, Bien Hoa නගරයේ නිවාස ව්‍යාපෘතියක 7 හැවිරිදි දරුවෙකු ආවරණය නොකළ කාණුවකට වැටී මිය ගියා.

වියට්නාම රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ සෑම වසරකම සාමාන්‍යයෙන් ළමුන් 370,000කට වැඩි පිරිසක් හදිසි අනතුරුවලින් තුවාල ලබන අතර ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 15 සිට 19 දක්වා වන ළමයින් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32