AFC Banner
Empty Ad
Empty Ad

ගැබිනි මවුවරුන් ගැන කණගාටුදායක පුවතක්

කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වීමෙන් පසු මේ දක්වා ගැබිනි මවුවරුන් 30 දෙනකු පමණ මරුමුවට පත්ව ඇතැයි සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා මගින් සඳහන් වනවා.

මෙයින් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ පදිංචිකාරියන් බවයි සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ද මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

කොවිඩ් ආසාදනයවීමෙන් ගැබිනි මවුවරුන් මියයෑම වැඩිවෙමින් තිබෙන තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ පැතිරීම නිසා මරණ සංඛ්‍යාව මෙලෙස වේගවත් වන්නට ඇතැයි සැක කළ හැකි බවද සඳහන් කර තිබෙනවා.

මේ තත්වය හේතුවෙන් ගැබිනි මවුවරුන් දැඩි පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවත් අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට වෙනත් කිසිදු හේතුවකට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස එම මවුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?