ගැබිණි මවක් ඇතුළු හතරක් රෝහල් ගතකළ වැල්ලවායේ අනතුර

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ ගාල්ලේ වංගුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිව්දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් අතර ගැබිණි කාන්තාවක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තිස්සමහාරාමය සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?