ගැබ්බර මුවා මැරීමේ සිද්ධියේ ඉදිරි නීති කටයුතු නීතිපතිවරයා හරහා – වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

ගලේවෙල, මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂියේ දී ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව ඉදිරි නීතිමය කටයුතු නීතිපතිවරයා හරහා සිදුකිරීමට බලාපොරොත්තුවන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා.

මාධ්‍ය වෙත අද (26) අදහස් දක්වමින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

මෙම සත්වයා ඝාතනයට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සම්බන්ධ වී සිටියත්, මෙම සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී තාක්ෂණික මට්ටමෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙවැනි වැරදි ක්‍රියාවට සම්බන්ධ වුවද, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට ඇඟිල්ල දික් කළ නොහැකි බවත්, මෙහි පරීක්ෂණ කටයුතු නිසිආකාරයෙන් සිදුවෙතැයි බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
9
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?