ගාසා තීරයේ සටන් විරාමයකට ඉදිරි සතිය ඇතුළත එළඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට පැවසුවේ; සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කරන ඊශ්‍රායලය සහ හමාස් නිලධාරීන් සමඟ තමා කතා කළ බවයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ඉහළම සහායකයෙකු වන උපායමාර්ගික කටයුතු අමාත්‍ය රොන් ඩර්මර් ගාසා සහ ඉරානය පිළිබඳ සාකච්ඡා සඳහා එළඹෙන සතියේ වොෂින්ටනයට යාමට නියමිත බවට වාර්තා පළ වෙමින් තිබියදී ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවා.
ඉරානය සමඟ ඇති වූ කෙටි ගැටුමෙන් පසු හමාස් සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ඊශ්‍රායලයට බල කරමින් සිටින බවත්, ඒබ්‍රහම් ගිවිසුම් පුළුල් කිරීමට උත්සාහ කරන බවත් වාර්තා වනවා.
සටන් විරාමයක් පිළිබඳ තම තක්සේරුව ඉදිරිපත් කිරීමෙන් පසු ට්‍රම්ප් පසුගිය මාසය පුරා ගාසා තීරයේ ආහාර පෙට්ටි බෙදාහරින ගාසා මානුෂීය පදනමට ඩොලර් මිලියන 30ක් පරිත්‍යාග කිරීමට තීරණය කළා.





