ගාසා තීරයේ සටන් විරාමයක් ලබන සතියේ – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ගාසා තීරයේ සටන් විරාමයකට ඉදිරි සතිය ඇතුළත එළඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට පැවසුවේ; සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කරන ඊශ්‍රායලය සහ හමාස් නිලධාරීන් සමඟ තමා කතා කළ බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ඉහළම සහායකයෙකු වන උපායමාර්ගික කටයුතු අමාත්‍ය රොන් ඩර්මර් ගාසා සහ ඉරානය පිළිබඳ සාකච්ඡා සඳහා එළඹෙන සතියේ වොෂින්ටනයට යාමට නියමිත බවට වාර්තා පළ වෙමින් තිබියදී ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවා.

ඉරානය සමඟ ඇති වූ කෙටි ගැටුමෙන් පසු හමාස් සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ඊශ්‍රායලයට බල කරමින් සිටින බවත්, ඒබ්‍රහම් ගිවිසුම් පුළුල් කිරීමට උත්සාහ කරන බවත් වාර්තා වනවා.

සටන් විරාමයක් පිළිබඳ තම තක්සේරුව ඉදිරිපත් කිරීමෙන් පසු ට්‍රම්ප් පසුගිය මාසය පුරා ගාසා තීරයේ ආහාර පෙට්ටි බෙදාහරින ගාසා මානුෂීය පදනමට ඩොලර් මිලියන 30ක් පරිත්‍යාග කිරීමට තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25