ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා යෝජනාවක් සම්මත වෙයි

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඉල්ලූ යෝජනාව සම්මත කරගෙන තිබෙනවා.

ඒ, අනුව සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද එමඟින් හමාස් සංවිධානයෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ ඊශ්‍රායලය හා ගාසා තීරයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු අසාර්ථක උත්සාහයන් කිහිපයකින් අනතුරුව ආරක්ෂක කවුන්සිලය සටන් විරාමයක් සම්මත කරගත් පළමු අවස්ථාව මෙයයි.

ඊයේ (25) ඉදිරිපත් වූ යෝජනාවට ඇමරිකාව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, ඊට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත නොකිරීම ද විශේෂත්වයක්.

එක්සත් ජනපදයේ මෙම පියවර, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධයෙන් එය සහ එහි මිත්‍ර ඊශ්‍රායලය අතර වැඩෙන විරසකයක් සංඥා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කරුණු වාර්තා කළේ.

මේ අතර සම්මත කරගත් යෝජනාවට එරෙහිව එක්සත් ජනපදය නිෂේධ බලය පාවිච්චි නොකිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කනස්සල්ල පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?