ගාසා තීරයේ ප්‍රහාරවලින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හානි

ගාසා තීරයේ පිහිටි සිය කාර්යාලවලට ෂෙල් ප්‍රහාරවලින් හානි සිදු වී ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එම පරිශ්‍රය අවට නවාතැන් ගෙන සිටි පුද්ගලයන් 22 දෙනෙකු ද මේ ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර, පලස්තීන හමාස් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ගාසා තීරයේ, රෆා නගරයෙන් පිටත අවතැන් වූ පලස්තීනුවන්ගේ කූඩාරම් කඳවුරුවලට ඊශ්‍රායල හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස්
තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

නමුත්, ඊශ්‍රායල ආරක්ෂක බලකායේ ප්‍රකාශකයෙකු පැවසුවේ හමුදාව විසින් එවැනි ප්‍රහාරයක් සිදු කළ බවට කිසිදු ඇඟවීමක් නොමැති නමුත් එම සිද්ධිය සමාලෝචනයක් සිදු කරන බවයි.

මීට අතර, ලෙබනනයත් තවත් ගාසා තීරයක් වනු දැකීම, ලෝකයට දරාගත නොහැකි වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර හට ගනිමින් පවතින ගැටුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මේ ප්‍රකාශය සිදු කළා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 07වනදා ආරම්භ වූ හමාස් ඊශ්‍රායල ගැටුම් ආරම්භයේ සිට ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර වරින් වර ගැටුම් ඇතිවුණා.

පෙරේදා හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබූ අතර, ඊශ්‍රායල ද පෙරළා පහර දෙන බවයි ප්‍රකාශ කළේ.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ දස දහස් ගණනක පිරිසක් අවතැන් වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?