ගාසා තීරයේ ප්‍රහාරවලින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හානි

ගාසා තීරයේ පිහිටි සිය කාර්යාලවලට ෂෙල් ප්‍රහාරවලින් හානි සිදු වී ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එම පරිශ්‍රය අවට නවාතැන් ගෙන සිටි පුද්ගලයන් 22 දෙනෙකු ද මේ ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර, පලස්තීන හමාස් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ගාසා තීරයේ, රෆා නගරයෙන් පිටත අවතැන් වූ පලස්තීනුවන්ගේ කූඩාරම් කඳවුරුවලට ඊශ්‍රායල හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස්
තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

නමුත්, ඊශ්‍රායල ආරක්ෂක බලකායේ ප්‍රකාශකයෙකු පැවසුවේ හමුදාව විසින් එවැනි ප්‍රහාරයක් සිදු කළ බවට කිසිදු ඇඟවීමක් නොමැති නමුත් එම සිද්ධිය සමාලෝචනයක් සිදු කරන බවයි.

මීට අතර, ලෙබනනයත් තවත් ගාසා තීරයක් වනු දැකීම, ලෝකයට දරාගත නොහැකි වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර හට ගනිමින් පවතින ගැටුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මේ ප්‍රකාශය සිදු කළා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 07වනදා ආරම්භ වූ හමාස් ඊශ්‍රායල ගැටුම් ආරම්භයේ සිට ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර වරින් වර ගැටුම් ඇතිවුණා.

පෙරේදා හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබූ අතර, ඊශ්‍රායල ද පෙරළා පහර දෙන බවයි ප්‍රකාශ කළේ.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ දස දහස් ගණනක පිරිසක් අවතැන් වී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32