ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායලය කියයි

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායලය පවසනවා. එබැවින් උතුරු ගාසා තීරයේ සිටින ජනතාව හැකි ඉක්මණින් දකුණු ගාසා තීරයට යා යුතු බවයි ඊශ්‍රායල හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ගාසා තීරය ආසන්නයේ රැස්ව සිටින අතර කිසියම් හෝ අවස්ථාවක ඔවුන් ගාසා තීරය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බව යුද විචාරකයන පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ගාසා තීරයේ රෝහලේ පිපිරීමට හේතුව පලස්තීන රොකට් ප්‍රහාරයක් බව ප්‍රංශ බුද්ධි අංශ පවසනවා.

මෙම රෝහලේ පිපිරීමට ඊශ්‍රායල ප්‍රහාරයක් හේතු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි ප්‍රංශ හමුදා බුද්ධි ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ. රෝහලේ පිපිරීමට හේතුව පලස්තීන රොකට් ප්‍රහාරයක් වැරදීමෙන් එල්ල වීම බවයි ප්‍රංශ හමුදා බුද්ධි අංශ නිගමනය කර ඇත්තේ.

මිලිටරි බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළේ කිලෝග්රෑම් 5ක පමණ පුපුරණ ද්‍රව්‍ය මෙම පලස්තීන රොකට්ටුවට ඇතුලත්ව තිබී ඇති බවයි. කෙසේ වෙතත් පලස්තීන බලධාරීන් මෙම පිපිරීම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් බවට චෝදනා කරනවා.

ගාසා තීරයේ මීළඟ විශාල තර්ජනය කොලරාව ඇතුළු බෝවන රෝග බවට සෞඛ්‍ය සංවිධාන අනතුරු අඟවනවා. මානුෂීය සංවිධාන අනතුරු අඟවන්නේ ආධාර ලබා නොදුනහොත් ජලයෙන් ඇතිවන මාරාන්තික රෝග ශීග්‍රයෙන් පැතිර යනු ඇති බවයි.

බොහෝ ගාසා වැසියන්ට ගැටුම් හේතුවෙන් නිදා ගැනීමට සිදුව ඇත්තේ වීදිවල, සාප්පු වල, මුස්ලිම් පල්ලිවල හෝ ඔවුන්ගේ මෝටර් රථ තුළයි. පානීය ජලය සීමා වීමද ගැටළුවක්.වර්ග මීටර් 200 ක නිවාසයක ඇතැම් විට 100 දෙනෙකු පමණ පිරී ජිවත් වීමට සිදුව තිබෙනවා. මල අපවහන පද්ධති පවා ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙනවා.

ජල පිරිපහදු ක්‍රියා විරහිත අතර ආහාර හිඟකමින් ද ඔවුන් පෙලෙනවා .

මේ අතර ගාසා තිරයට ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගෙන යාමට ඉඩ දෙමින් ඊජිප්තුව Rafah හරස් මාර්ගය විවෘත කර තිබෙනවා.

වැටලීමට ලක්ව ඇති ප්‍රදේශයේ ආහාර, ඖෂධ සහ ජලය හිඟ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආධාර කුඩා ප්‍රමාණයක් ගලා යාමට ඉඩ සැලසීම සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර දේශසීමා විවෘත කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දළ වශයෙන් ටොන් 3,000ක ආධාර රැගත් ට්‍රක් රථ 200කට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට යාමට සූදානම්ව දින ගණනාවක් පුරා හරස් මාර්ගය අසල නතර කර තිබුණා.

මෙම සහනාධාර රථ පෙළට ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ සීමිත ආහාර සැපයුම් රැගෙන යන ට්‍රක් රථ 20 ක් ඇතුළත් වන බවයි හමාස් මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ හදිසි සහන සම්බන්ධීකාරක Martin Griffiths පවසන්නේ හැකි ඉක්මනින් සහ නිවැරදි කොන්දේසි සහිතව ගාසා තීරයට ආධාර ලබා දීමට සියලු පාර්ශ්ව සමග දින ගණනාවක් සාකච්ඡා පැවැත්වූ බවයි.

මේ අතර සති දෙකකට පෙර ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු හමාස් සංවිධානය පළමු වරට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු ලැබුවා.

කටාර් රාජ්‍යයේ සහාය ඇතිව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ. ඇමෙරිකා ජාතික ජූඩිත් හා නටාලි රානන් නමැති මවක හා දියණියක මෙලෙස නිදහස් කර තිබෙනවා. ඔවුන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සමග දුරකතනයෙන් කතාකරන ඡායාරූප ද මාධ්‍යයේ පළ වී තිබෙනවා. පසුගිය 7 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ හාරදහසකට වැඩි පිරිසක් මිය ගියා. ඒ අතුරින් 1400කට අධික පිරිසක් ඊශ්‍රායල ජාතිකයන් වනවා.

මේ අතර ඊශ්‍රායල හමාස් ගැටුම්වලින් මාධ්‍යවේදී විසිදෙදෙනකුට ජීවිත අහිමි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

පලස්තීන ජාතිකයන් 18 දෙනෙක්, ඊශ්‍රායල ජාතිකයන් තුන්දෙනෙක් හා ලෙබනන් ජාතිකයෙකු ඊට ඇතුළත්. එම මරණවලින් 15 ක්ම සිදුව ඇත්තේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින්.

තවත් මාධ්‍යවේදීන් අටදෙනෙකු තුවාල ලබා ඇති අතර තුන්දෙනෙකු අතුරුදන්ව ඇතැයි බී. බී. සී. පුවත් සේවය වාර්තා කරනවා.

මේ අතර පසුගිය සතිය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට මාරාන්තික සතියක් බවට පත්ව තිබුණා. ඊට හේතුව ගැටුම්වලින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ පසුගිය සතියේ දී වීමයි.

ගාසා තීරයේ රෝහල්වල කටයුතු ඉන්ධන නොමැතිවීම නිසා අඩාල වීමත් සමග ඒවා වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම සදහා සහාය දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?