ගාල්ලේ දී දඟ දැමූ කුහ්නමන්ට ඉදිරි සතිය තීරණාත්මකයි

පසුගියදා නිමාවට පත් වූ සංචාරක ඔස්ට්‍රෙලියානු ටෙස්ට් කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී දඟ පන්දුවෙන් දස්කම් පෑ ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නෙකු වන මැතිව් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ඔහුව පරීක්ෂණයකට භාජනය කරනු ලැබුවා.

ඒ ඊයේ (19) දිනයේ දී ඔස්ට්‍රෙලියාවේ බ්‍රිස්බේන් හි දියි.

මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ලබන සති අන්තය වන විට නිකුත් වීමට නියමිත ව තිබෙනවා.

වමත් දඟ පන්දු යවන්නා සිය ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතර කුමන හෝ අවස්ථාවක එම ප්‍රතිඵලය අයහපත් වුවහොත් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරගවල පන්දු යැවීම තහනම් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

බ්‍රිස්බේන් හි ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේ දී මෙම පරීක්ෂණයට කුහ්නමන් භාජනය වූ අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සියලු ම ප්‍රකාශ ICC විසින් නිකුත් කරනු ලැබීමට නියමිතයි.

බ්‍රිස්බේන් හි පැයකට වැඩි කාලයක් පැවති සැසියක දී 28 හැවිරිදි කුහ්නමන්ගෙන් ඔහු ගාල්ලේ දී සිය පන්දුව යවන ලද වේගයෙන් ම පන්දු යවන ලෙසට පරීක්ෂණයේ දී දැනුම්දී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විශේෂඥයින් කුහ්නමන්ගේ ශරීරයේ සලකුණු පැළඳ සිටි අතර අධිවේගී කැමරා කිහිපයකින් සහ ත්‍රිමාණ චලන විශ්ලේෂණ පද්ධතියකින් ඔහුව වටකර සිටියා.

කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ඔහුගේ වැලමිට අංශක 15කට වඩා දිගු කර ඇති බව අනාවරණය වුවහොත්, ඔහුට පන්දු යැවීම තහනම් කරන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?