ගාල්ලේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ තවත් දුම්රිය අනතුරක්

ගාල්ල වැකුණුගොඩ දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කුඩා වෑන් රථයක් ගැටී අද (09) දහවල් සිදුවූූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගාල්ල කොටුවේ පදිංචි 54 හැවිරිදි පියෙක් සහ 24 හැවිරිදි පුතෙක් බවයි පොලිසිය පවසන්නේ.

ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අනතුරු ඇඟවීමේ සංඥා සහිත ආලෝක පහන් පමණක් සවිකර ඇති මෙම ස්ථානයේ මින් පෙර ද මේ ආකාරයට මාරක අනතුරු රැසක් සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

පාසල් කිහිපයකට මෙන්ම රාජකාරී සඳහා විශාල පිරිසක් මෙම ප්‍රදේශය හරහා දිනකට ගමන් කරන බවත් එම නිසා මෙම ස්ථානයට ස්ථිර දුම්රිය ගේට්ටුවක් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?