AFC Banner
Empty Ad
Empty Ad

ගාල්ලේදී කාන්තා කොස්තාපල්වරියකට සැමියා ගිනි තබයි

ගාල්ල – ගෝනපීනුවල ප්‍රදේශයේදී කාන්තා පොලිස් කොස්තාපල්වරියෙකුට ඇගේ සැමියා විසින් ගිනි තබා තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලැබූ මෙම පොලිස් කොස්තාපල්වරිය බරපතල තත්ත්වයේ බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

35 හැවිරිදි ගෝනපීනුවල පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම කාන්තාව සිය සේවය නිමවා නිවසට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් පෙට්‍රල් සිරුරට දමා ගිනි තබා තිබෙනවා.

එම අවස්ථාවේදී ඉන් බේරීම සඳහා නිවසින් පිටතට පැමිණි ඇය ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මෙම කොස්තාපල්වරියගේ සැමිය ද සුළු පිලිස්සුම් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?