ගාල්ලේදී කාන්තා කොස්තාපල්වරියකට සැමියා ගිනි තබයි

ගාල්ල – ගෝනපීනුවල ප්‍රදේශයේදී කාන්තා පොලිස් කොස්තාපල්වරියෙකුට ඇගේ සැමියා විසින් ගිනි තබා තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලැබූ මෙම පොලිස් කොස්තාපල්වරිය බරපතල තත්ත්වයේ බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

35 හැවිරිදි ගෝනපීනුවල පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම කාන්තාව සිය සේවය නිමවා නිවසට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් පෙට්‍රල් සිරුරට දමා ගිනි තබා තිබෙනවා.

එම අවස්ථාවේදී ඉන් බේරීම සඳහා නිවසින් පිටතට පැමිණි ඇය ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මෙම කොස්තාපල්වරියගේ සැමිය ද සුළු පිලිස්සුම් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12