ග්‍රීස් ගසින් ඇද වැටී සා/පෙළ සිසුවෙකු මරුට (වීඩියෝ)

අද (17) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස් ගස සකස් කරමින් සිටියදී ඉන් බිමට ඇද වැටීමෙන් බාලවයස්කාර දරුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ පිටිගල – අමුගොඩ සිරි විජයාරාම විහාරස්ථානය අසල පිහිටි ක්‍රීඩාංගණයෙන්.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

මරණකරුගේ මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලේ තබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?