ග්‍රෑන්ඩ්පාස් හි පිහි ඇනුමක් – තිදෙනෙකුට බරපතළයි

කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුවේ සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදු ව රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අද (26) පස්වරුවේ දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

මෙම පිහි ඇනුමින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රවෘත්ති ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් සිදු කළ විමසීමක දී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ පහර කෑ තිදෙනාගේ ම තත්ත්වය බරපතළ බවයි.

දෙපාර්ශ්වයක් අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු ව ඇති අතර තුවාල ලැබූවන් අතර කාන්තාවක් ද වනවා.

රාජා චන්ද්‍රසේකරන්, සමන් කුමාර ගුණසේකර සහ ශානිකා නමැති තිදෙනෙකුයි මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ.

තුවාලකරුවන් ග්‍රෑන්ඩ්පාස් අවට ම පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
12
+1
1
+1
19
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?