ග්‍රෑන්ඩ්පාස් පිහි ඇනුමෙන් එක් අයෙකු මරුට – සෙසු දෙදෙනාට අසාධ්‍යයයි

කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුවේ සිදු වූ පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ තිදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (26) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පෞද්ගලික මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවට වාර්තා වනවා.

මෙම පිහි ඇනුමින් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර පහරකෑමට ලක් වූවන් අතර කාන්තාවක් ද සිටිනවා.

රාජා චන්ද්‍රසේකරන්, සමන් කුමාර ගුණසේකර සහ ශානිකා නමැති තිදෙනෙකුයි මෙලෙස තුවාල ලබා රෝහල්ගත කළේ.

ඉන් පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

තුවාලකරුවන් ග්‍රෑන්ඩ්පාස් අවට ම පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?