ග්‍රෑන්ඩ්පාස් පිහි ඇනුමෙන් එක් අයෙකු මරුට – සෙසු දෙදෙනාට අසාධ්‍යයයි

කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුවේ සිදු වූ පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ තිදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (26) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පෞද්ගලික මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවට වාර්තා වනවා.

මෙම පිහි ඇනුමින් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර පහරකෑමට ලක් වූවන් අතර කාන්තාවක් ද සිටිනවා.

රාජා චන්ද්‍රසේකරන්, සමන් කුමාර ගුණසේකර සහ ශානිකා නමැති තිදෙනෙකුයි මෙලෙස තුවාල ලබා රෝහල්ගත කළේ.

ඉන් පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

තුවාලකරුවන් ග්‍රෑන්ඩ්පාස් අවට ම පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48