AFC Banner
AFC Banner
Empty Ad

‘ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන’ ගමේ ප්‍රමුඛ ම කාර්යය විය යුතුයි – අගමැති

ග්‍රාම නිලධාරී වසම් තුළ ක්‍රියාත්මක “ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු”  වෙත මූලික කරුණු ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කරන්නැයි, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (26) ස්වදේශ කටයුතු අංශයේ පැවති විශේෂ රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

ග්‍රාමීය, ප්‍රාදේශීය වශයෙන් ප්‍රමුඛත්වයේ ඉහළින් ම තිබිය යුතු වැඩසටහන, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන බවයි අගමැතිවරයා එහිදී අවධාරණය කළේ.

කුමන දේශපාලන මතයක් දැරුවද, ආහාර නිෂ්පාදනය වැඩිකරන, අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ගම් මට්ටමින් සියලු දෙනාට එක්වී කටයුතු කළ හැකි බවද ඔහු එහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?