ගවස්කාර් හැලුවාට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දොස්මුරයක්

ටෙස්ට් තරග පහකින් සමන්විත වූ බෝඩර් – ගවස්කාර් කුසලාන තරගාවලිය අද (05) අවසන් වුණේ මෙවර ශූරතාව සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගනිමින්.

ඉන්දියාව පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර එහි ශූරතාව හිමිකර ගත්තේ තරග තුනට එකක් ලෙසයි.

මෙවර ශූරතාව හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි බෝඩර් – ගවස්කාර් කුසලානය පිරිනැමීම සඳහා ඇලන් බෝඩර්ට පමණක් ආරාධනා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

ඒ, එම අවස්ථාවට සුනිල් ගවස්කාර්ට ආරාධනා නොකරමින්.

ඇලන් බෝඩර් පමණක් මෙලෙස කුසලානය පිරිනැමීම සඳහා කැඳවීම ගැන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට මේ වනවිට දෝෂාරෝපණ එල්ල වී තිබෙනවා.

අවසන් තරගය පැවති සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තමන් රැඳී සිටියදීත් එම අවස්ථාව සඳහා ආරාධනා නොකිරීම පිළිබඳව සුනිල් ගවස්කාර් සිය අප්‍රසාදය පළ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එල්ලවන දෝෂාරෝපණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ; සංචාරක ඉන්දියානුවන් කුසලානය රඳවා ගත්තේ නම් ඉන්දීය නායකයාට කුසලාන පිරිනැමීම සඳහා කැඳවන බවට ගවස්කාර්ට දැනුම් දුන් බවයි.

ඕස්ට්‍රේලියාව වසර 10කට පසුව බෝඩර් – ගවස්කාර් කුසලානය හිමිකරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇලන් බෝඩර් හට කුසලානය ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් වෙත පිරිනැමීමට ආරාධනා කළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙවර බෝඩර් – ගවස්කාර් කුසලානය ආරම්භයේ සිටම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ක්‍රිකට් ආධිපත්‍යයේ සීතල යුද්ධය උණුසුම් එකක් බවට පත්වන ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
2
+1
46
+1
4
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17
Video thumbnail
🔴BREAKING NEWS
01:26

?