ගවස්කාර් හැලුවාට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දොස්මුරයක්

ටෙස්ට් තරග පහකින් සමන්විත වූ බෝඩර් – ගවස්කාර් කුසලාන තරගාවලිය අද (05) අවසන් වුණේ මෙවර ශූරතාව සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගනිමින්.

ඉන්දියාව පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර එහි ශූරතාව හිමිකර ගත්තේ තරග තුනට එකක් ලෙසයි.

මෙවර ශූරතාව හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි බෝඩර් – ගවස්කාර් කුසලානය පිරිනැමීම සඳහා ඇලන් බෝඩර්ට පමණක් ආරාධනා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

ඒ, එම අවස්ථාවට සුනිල් ගවස්කාර්ට ආරාධනා නොකරමින්.

ඇලන් බෝඩර් පමණක් මෙලෙස කුසලානය පිරිනැමීම සඳහා කැඳවීම ගැන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට මේ වනවිට දෝෂාරෝපණ එල්ල වී තිබෙනවා.

අවසන් තරගය පැවති සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තමන් රැඳී සිටියදීත් එම අවස්ථාව සඳහා ආරාධනා නොකිරීම පිළිබඳව සුනිල් ගවස්කාර් සිය අප්‍රසාදය පළ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එල්ලවන දෝෂාරෝපණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ; සංචාරක ඉන්දියානුවන් කුසලානය රඳවා ගත්තේ නම් ඉන්දීය නායකයාට කුසලාන පිරිනැමීම සඳහා කැඳවන බවට ගවස්කාර්ට දැනුම් දුන් බවයි.

ඕස්ට්‍රේලියාව වසර 10කට පසුව බෝඩර් – ගවස්කාර් කුසලානය හිමිකරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇලන් බෝඩර් හට කුසලානය ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් වෙත පිරිනැමීමට ආරාධනා කළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙවර බෝඩර් – ගවස්කාර් කුසලානය ආරම්භයේ සිටම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ක්‍රිකට් ආධිපත්‍යයේ සීතල යුද්ධය උණුසුම් එකක් බවට පත්වන ආකාරය දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41