AFC Banner
Empty Ad
Empty Ad

ගල් කඩන ලද වලක දියේ ගිලී පුද්ගලයෙකු මරුට

ඊයේ (05) සවස ඔමන්ත පොලිස් වසමේ නාවට්කුලම ප්‍රදේශයේ පිහිටි ගල් කඩන ලද වලක දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඕමන්ත පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 69ක් වන නාවට්කුලම්, ඕමන්ත ප්‍ර්දේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු දින කිහිපයක සිට අතුරුදහන්ව සිට ඇති බවට ඕමන්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් සොයා බැලීමේදී ගල් කඩන ලද වලක දියේ ගිලී සිටි මෙම පුද්ගලයාගේ මෘත ශරීරය සොයාගෙන ඇති බව සඳහන්.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඕමන්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?