ගල් කඩන ලද වලක දියේ ගිලී පුද්ගලයෙකු මරුට

ඊයේ (05) සවස ඔමන්ත පොලිස් වසමේ නාවට්කුලම ප්‍රදේශයේ පිහිටි ගල් කඩන ලද වලක දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඕමන්ත පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 69ක් වන නාවට්කුලම්, ඕමන්ත ප්‍ර්දේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු දින කිහිපයක සිට අතුරුදහන්ව සිට ඇති බවට ඕමන්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් සොයා බැලීමේදී ගල් කඩන ලද වලක දියේ ගිලී සිටි මෙම පුද්ගලයාගේ මෘත ශරීරය සොයාගෙන ඇති බව සඳහන්.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඕමන්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25