ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයෙන් සහ සාමය, සංහිඳියාවට බාධා වන අයුරින් මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් ප්‍රකාශ කළා යැයි පැවසෙන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් අද (09) එම චෝදනාවට වරදකරු කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු පසන් අමරසේන මහතා අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවේ; චූදිත පාර්ශ්වයට මාස 09ක ලිහිල් දඬුවම් පමුණුවන බවයි.
2016 ජූලි මස 16 වැනි දින කිරුළපන පැවති මාධ්‍ය හමුවක දී ‘ ඉස්ලාමීය පිළිකාවක්, එය අතුගා දැමිය යුතු බවට ‘ විත්තිකාර හිමි නම විසින් සිදු කරන ලද ප්‍රකාශයට එරෙහිව අධිකරණය අදාළ තීන්දුව ලබා දුන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1