ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද?
අතිගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට ක⁣ටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ.
නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි.
ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන ආදායම වැඩිවන බවත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩුකර ගත හැකි බවත් ඔබතුමා පැවසුවා. ඔබ කියන විදිහට අර්බුදය කලින්ම දුටුවා නම් රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමට උපදෙස් දුන්නේ ඇයි? ඒ තුළින් ඩොලර් බිලියන 04 ක පමණ ආදායමක් රටට අහිමි වූ බව ඔබතුමා දන්නවාද? රුපියල ආරක්ෂා කිරීමට ඩොලර් බිලියන 1.5 ක් විතර පුච්චන්න වුණා ජනාධිපතිතුමනි. ඒ වගේම, රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා රටට ඩොලර් බිලියන 2.5 ක පමණ විදේශ ප්‍රේෂණ ආදායමක් අහිමිවුණා. විදේශ විනිමය අර්බුදය දිග් ගැස්සුණේ ඒ විදිහටයි ජනාධිපතිතුමනි.
රට වෙනුවෙන් මේ අවස්ථාවේ විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්ච් කරන ලෙස ඔබ ඉල්ලා සිටිනවා.
ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න තියා ඉන්ධන ටිකක් හොයාගන්නවත් බැරිවයි ජනතාව ඉන්නේ. අනිත් අතට, මේ වගේ ගිනි ගණන් වලට ඉන්ධන අරගෙන ඒවා ජනතාව නාස්ති කරයි කියල හිතන එකත් වැරදියි. ඒ වගේම, ඉන්ධන සහ විදුලිය කියන්නේ ආර්ථිකයක ගාමක ශක්තිය. හයර් දුවන මනුස්සයෙක් ඉන්ධන පරිස්සමෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? ඔහුට හයර් දුවන එක අඩුකරල තමයි ජාතිය ගොඩ ගන්න ඔබ කියන සහයෝගය දෙන්න වෙන්නේ.
ඒ කියන්නේ ඔහුගේ ආර්ථිකය වැටෙනවා. සමස්තයක් විදිහට ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ආර්ථිකය වැටෙන එක.
කෙසේවෙතත්, ඔබ රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. එය නායකයෙකු ලෙස හොඳ දෙයක්. නමුත්, මේ ගැටලු ඇතිවූයේ විචක්ෂණශීලී නොවූ ආර්ථික කළමනාකරණය නිසා යැයි ඔබට බැහැර කළ නොහැකියි.
ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ බවත් ඔබතුමා සඳහන් කළා. එය හොඳ දෙයක්. නමුත්, ගැටලුව වන්නේ අර්බුදය කල් තියා දුටුවා නම් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිද යන්නයි. මෙවැනි අර්බුදයකට රට වැටෙනු ඇති බවත් ඊට පෙර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට මාස 18 කට පෙර සිටම සඳහන් කළා.
අද ඔබ ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න වෙන්නෙ නෑ ජනාධිපතිතුමනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29