AFC Banner
Empty Ad
Empty Ad

ගරාජයෙන් හමු වූ දුම්වැටි – විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පතුත් හමුවෙලා

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 07කට ආසන්න විදේශීය දුම්වැටි සමග පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් හා විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් තලංගම පොලිස් බල ප්‍රදේශයේ කන්දවත්තපාර, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ගරාජයක් තුළදියි මෙම සැකකාර භාණ්ඩ සොයාගෙන ඇත්තේ.

එහි දී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද විදේශ රටක නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 4,400ක් සන්තකයේ තබාගැනීමේ වරදට තලංගම දකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් හා විවිධ පුද්ගලයින්ට අයත් ජාතික හැදුනුම්පත් 22ක් හා විවිධ පුද්ගලයින්ට අයත් රියදුරු බලපත්‍ර 06 ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27

?