ගරාජයෙන් හමු වූ දුම්වැටි – විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පතුත් හමුවෙලා

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 07කට ආසන්න විදේශීය දුම්වැටි සමග පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් හා විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් තලංගම පොලිස් බල ප්‍රදේශයේ කන්දවත්තපාර, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ගරාජයක් තුළදියි මෙම සැකකාර භාණ්ඩ සොයාගෙන ඇත්තේ.

එහි දී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද විදේශ රටක නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 4,400ක් සන්තකයේ තබාගැනීමේ වරදට තලංගම දකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් හා විවිධ පුද්ගලයින්ට අයත් ජාතික හැදුනුම්පත් 22ක් හා විවිධ පුද්ගලයින්ට අයත් රියදුරු බලපත්‍ර 06 ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06