ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන්ට අදාළ නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන්ට සිතාසි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (05) දින කැඳවනු ලැබුවා.

එහි දී විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂිකරුවන්ට අප්‍රේල් මස 05 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය එහිදී සිතාසි නිකුත් කළා.

මෙම නඩුව අද (05) දින කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පළමු වන විත්තිකාර සිඩ්නි ජයසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකරු විසින් ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තියේ සාක්ෂිකරුවන්ට අප්‍රේල් මස 05 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22