spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන්ට අදාළ නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන්ට සිතාසි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (05) දින කැඳවනු ලැබුවා.

එහි දී විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂිකරුවන්ට අප්‍රේල් මස 05 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය එහිදී සිතාසි නිකුත් කළා.

මෙම නඩුව අද (05) දින කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පළමු වන විත්තිකාර සිඩ්නි ජයසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකරු විසින් ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තියේ සාක්ෂිකරුවන්ට අප්‍රේල් මස 05 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?