හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
7
+1
+1
+1
+1
1













