ගම්පොල පාසලක සිසුන් පිරිසක් පහ ශ්‍රේණියේ සිසුවෙකුට ගිනි තියලා – විදුහල්පතිනිය සිද්ධිය හංගලා

පාසල් සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් ගිනි තබා බරපතළ තුවාල සිදුකළ පුවතක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට මෙලෙස පහ ශ්‍රේණියේම ඉගෙනුම ලබන තවත් සිසුන් තිදෙනෙක් විසින් ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය පෙබරවාරි මස 13 වන දින ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් කුරුඳුවත්ත, යටපාන ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක මෙම සිදුවීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිද්ධිය අදාළ පාසලේ විදුහල්පතිනිය විසින් සැඟවීමට කටයුතු කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනෙක් ඊයේ (15) කුරුඳුවත්ත පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පංති කාමරයේ තිබූ තිනර් බෝතලයක් සොරාගැනීමක් පාවාදීමේ සිද්ධියකය කෝපයට පත්ව අදාළ සිසුවාට තවත් සිසුන් තිදෙනෙක් විසින් ගිනි තබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර සිසුන් තිදෙනා විසින් පංති කාමරයේ දී තීන්ත භාජනයකට තිනර් දමා එයට ගිනි තබා පාවාදුන් බව කියන සිසුවාගේ ඇඟට විසිකර තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ සිසුවාගේ දෙපාවලට ගිනි ඇවිලී ඇති අතර, එහිදී ඔහු කෑ ගසමින් පංති කාමරයෙන් පිටත දිවගොස් ඇති බව සඳහන්.

එහිදී ගුරුවරියක් විසින් එම සිසුවා අල්ලාගෙන ගින්න නිවා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටි සිසුවා කුරදුවත්ත රෝහලට රැගෙන ගොස් ඇති අතර, අනතුරුව ගම්පොළ ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යන ලෙසයි උපදෙස් ලැබී ඇත්තේ.

පසුගිය පෙබරවාරි 13 දින සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනිය නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන එය වසන් කර ඇති අතර, ගුරුවරුන් විසින් පවසා ඇත්තේ තීන්ත ගාමින් සිටිය දී බුදුපහන පෙරළී ඒ අසළ තිබූ ටිනර් වගයකට ගිනි ඇවිළී සිසුවා පිළිසුනු බවයි.

තුවාල ලැබූ සිසුවා දින 05ක් රෝහල් ගතව සිටි ඇති අතර, ඔහු එහිදී පොලිසියට කට උත්තරයක් ද ලබාදී තිබූ අතර ඒ පිළිබඳව පොලිසියේ වැඩි අවදානයක් දක්වා නැහැ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා දැනගැනීමෙන් පසු සැකකාර සිසුන් තිදෙනා ඊයේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල අධිකරණය වෙත වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
14
+1
0
+1
6
+1
16
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?