ගම්පහ ඩෙංගු අවදානමේ වැඩිවීමක්

ඉදිරි සති 06 ඇතුළත ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අංශ විසින් අනතුරු හඟවා තිබෙනවා.

ඊයේ (28) දින ගම්පහ පැවැත්වූ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී මේ පිළිබද හෙළිවුණා.

මී උණ මෙන්ම ළමා ලාඳුරු රෝගීනුත් වාර්තා වෙයි .

ගම්පහ මහා නගර සභාවෙ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කමිටුවේදී දැඩි දෝෂ දර්ශනයට …//

ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන සහ මහින්ද ජයසිංහනියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලීන්ද ගමගේ ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) එම කමිටුව රැස්වුණේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයෙදීයි .

එහිදී දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් වසන්ගත රෝග වෛද්‍ය නිලන්ගි සුබසේකර විසින් කමිටුව හමුවේ කියා සිටියේ පසුගිය සති 02 කාලයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල , මිනුවන්ගොඩ , ගම්පහ බියගම සහ දොම්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි .

තවද ඉදිරි සති 06 තුළ රෝගී වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් අදාළ බලධාරීන් ඒ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත් ඇය කියා සිටියා.

එමෙන්ම කුඹුරු පරිසර හමුවේ මී උණ රෝගීන්ගේ ඉහළ යාමක් සිදු විය හැකි බැවින් කුඹුරු වගා කරන ගොවීන් ඒ සඳහා නොමිලේ ලබා දෙන ඖෂධ රැගෙන කටයුතු වල යෙදිය යුතු බවත් වෛද්‍ය සුබසේකර සඳහන් කළා .

එමෙන්ම මේ වසරේ දී ගම්පහ සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසය තුළ ඩෙංගු රෝගීන් 445 ක් වාර්තා වී ඇති බවත් , ඉන් ගම්පහ සහ යක්කල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස තුල වාර්තා වී ඇති රෝගීන් පිළිබඳව ගම්පහ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද ඇය කියා සිටියා .

තවද ගම්පහ සහ යක්කල ප්‍රදේශ වලින් ළමා ලාදුරු රෝගීන් වාර්තා වී ඇතත් ඒ අයගේ ආශ්‍රිතයන් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා පරීක්ෂා කර නොමැති බවද මෙහිදී ඇය හෙළි කළා .

ඒ පිළිබදව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21