ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියේ ඇත්ත නැත්ත මෙන්න

කාන්තාවක් ඝාතනය කර එම මළ සිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩකට දමා යාමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹු සැමි යුවල අද මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. 

එහිදී නියෝග කෙරුණේ හෙට දිනය දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.

මේ අතර අදාල ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව අඹුසැමි යුවල පදිංචිව සිටි නිවසෙන් පළා යෑම සඳහා භාණ්ඩ ප්‍රවාහනය කළ අවස්ථාවේ CCTV දර්ශනද ලැබී තිබෙනවා. 

සපුගස්කන්ද – මා බිම ප්‍රදේශයේ කසල එක්රැස් වී ඇති ස්ථානයක තිබියදී අත් පා ගැට ගසා ගමන් බෑගයකට දමා තිබූ මළසිරුරක් හමුවූයේ පසුගිය 04 වැනිදායි. 

මියගොස් ඇත්තේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි මොහොමඩ් සාෆී ෆාතිමා මුම්ටාස් නැමැති කාන්තාවක් බව පසුව තහවුරු වුණා. 

ඝාතනයට ලක් වූ ෆාතිමා මුම්ටාස් මුදලට සූදූ ක්‍රීඩා කළ සහ මුදල් පොලියට ලබා දෙන කාන්තාවක් බවද විමර්ශනවලදී හෙළි වී තිබුණා. 

ඒ අනුව වැඩිදුර විමර්ශන සිදුකළ සපුගස්කන්දලබ්ලුමැන්ඩල්, මාළිගාවත්ත සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි රොසානා නම් කාන්තාවක් සහ ඇගේ සැමියා ගනු ලැබුවා. 

ඒහිදි අණාවරණ වුණේ ඝාතනයට ලක් වූ කාන්තාව 28 වැනිදා පස්වරු 3ට පමණ ත්‍රී රෝද රථයක නංවාගෙන පැමිණ ඇත්තේ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි සැකකාර රොසානාගේ නිවස වෙත බවයි. 

එහිදී ෆාතිමා මුම්ටාස් මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වී ඇති අතර මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි විමර්ශකයින් සැක පළ කරන්නේ. 

ආරවුල අතරතුර ෆාතිමා මුම්ටාස්ගේ ගෙල සිර කර ඝාතනය සිදු කරන්නට ඇති බවටද විමර්ශකයින් සැක පළ කරනවා. 

එළෙස පසුගිය මස 28 වැනිදා ඝාතනයට ලක් වූ ෆාතිමා මුම්ටාස්ගේ මළ සිරුර ඊට පසු දිනල එනම් 29 වැනිදා පෙරවරුවේ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ රොසානා නැමැත්තියගේ නිවසේ සිට ගමන් බෑගයක දමා රිදී පැහැති සම්පූර්ණයෙන් ආවරණය කරන ලද ලොරි රථයකින් සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩ දෙසට ප්‍රවාහනයකර තිබෙනවා. 

ලොරි රථයේ තිබූ මල සිරුර සහිත ගමන් මල්ල අතරමගදී ත්‍රීරෝද රථයකට මාරු කොට සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩ අසලට ප්‍රවාහණය කර ඇති බවත් විමර්ශකයින් අණාවරණ කරගෙන තිබෙනවා. 

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හෙළිකරගත් එම කරුණු මත මළ සිරුර ප්‍රවාහනය කළ රිදී පැහැති ලොරි රථයද පොලිස් භාරයට ගැණුනා. 

රොසානා නැමැති සැකකාර කාන්තාව සහ ඇගේ සැමියා ඝාතන සිද්ධියෙන් පසු පසුගිය 1 වැනිදා ඔවුන් පදිංචිව සිටි කුළී නිවස අතහැර පළ යාම සඳහා නිවසේ භාණ්ඩ ලොරි රථයකට පටවන අකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා. 

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර අඹුසැමි යුවල සපුගස්කන්ද පොලිසියට භාර දීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කළා. 

ඒ අනුව සැකකාර අඹුසැමි යුවල මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළා. 

එහිදී මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා සපුගස්කන්ද පොලිසියට අවසර ලබාදුන්නා. 

සැකකරුවන් හෙට යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

අත්අඩංගුවට ගත් රොසානාගේ සහෝදරයා වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුද මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 

ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?