ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියේ ඇත්ත නැත්ත මෙන්න

කාන්තාවක් ඝාතනය කර එම මළ සිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩකට දමා යාමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹු සැමි යුවල අද මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. 

එහිදී නියෝග කෙරුණේ හෙට දිනය දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.

මේ අතර අදාල ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව අඹුසැමි යුවල පදිංචිව සිටි නිවසෙන් පළා යෑම සඳහා භාණ්ඩ ප්‍රවාහනය කළ අවස්ථාවේ CCTV දර්ශනද ලැබී තිබෙනවා. 

සපුගස්කන්ද – මා බිම ප්‍රදේශයේ කසල එක්රැස් වී ඇති ස්ථානයක තිබියදී අත් පා ගැට ගසා ගමන් බෑගයකට දමා තිබූ මළසිරුරක් හමුවූයේ පසුගිය 04 වැනිදායි. 

මියගොස් ඇත්තේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි මොහොමඩ් සාෆී ෆාතිමා මුම්ටාස් නැමැති කාන්තාවක් බව පසුව තහවුරු වුණා. 

ඝාතනයට ලක් වූ ෆාතිමා මුම්ටාස් මුදලට සූදූ ක්‍රීඩා කළ සහ මුදල් පොලියට ලබා දෙන කාන්තාවක් බවද විමර්ශනවලදී හෙළි වී තිබුණා. 

ඒ අනුව වැඩිදුර විමර්ශන සිදුකළ සපුගස්කන්දලබ්ලුමැන්ඩල්, මාළිගාවත්ත සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි රොසානා නම් කාන්තාවක් සහ ඇගේ සැමියා ගනු ලැබුවා. 

ඒහිදි අණාවරණ වුණේ ඝාතනයට ලක් වූ කාන්තාව 28 වැනිදා පස්වරු 3ට පමණ ත්‍රී රෝද රථයක නංවාගෙන පැමිණ ඇත්තේ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි සැකකාර රොසානාගේ නිවස වෙත බවයි. 

එහිදී ෆාතිමා මුම්ටාස් මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වී ඇති අතර මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි විමර්ශකයින් සැක පළ කරන්නේ. 

ආරවුල අතරතුර ෆාතිමා මුම්ටාස්ගේ ගෙල සිර කර ඝාතනය සිදු කරන්නට ඇති බවටද විමර්ශකයින් සැක පළ කරනවා. 

එළෙස පසුගිය මස 28 වැනිදා ඝාතනයට ලක් වූ ෆාතිමා මුම්ටාස්ගේ මළ සිරුර ඊට පසු දිනල එනම් 29 වැනිදා පෙරවරුවේ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ රොසානා නැමැත්තියගේ නිවසේ සිට ගමන් බෑගයක දමා රිදී පැහැති සම්පූර්ණයෙන් ආවරණය කරන ලද ලොරි රථයකින් සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩ දෙසට ප්‍රවාහනයකර තිබෙනවා. 

ලොරි රථයේ තිබූ මල සිරුර සහිත ගමන් මල්ල අතරමගදී ත්‍රීරෝද රථයකට මාරු කොට සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩ අසලට ප්‍රවාහණය කර ඇති බවත් විමර්ශකයින් අණාවරණ කරගෙන තිබෙනවා. 

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හෙළිකරගත් එම කරුණු මත මළ සිරුර ප්‍රවාහනය කළ රිදී පැහැති ලොරි රථයද පොලිස් භාරයට ගැණුනා. 

රොසානා නැමැති සැකකාර කාන්තාව සහ ඇගේ සැමියා ඝාතන සිද්ධියෙන් පසු පසුගිය 1 වැනිදා ඔවුන් පදිංචිව සිටි කුළී නිවස අතහැර පළ යාම සඳහා නිවසේ භාණ්ඩ ලොරි රථයකට පටවන අකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා. 

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර අඹුසැමි යුවල සපුගස්කන්ද පොලිසියට භාර දීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කළා. 

ඒ අනුව සැකකාර අඹුසැමි යුවල මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළා. 

එහිදී මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා සපුගස්කන්ද පොලිසියට අවසර ලබාදුන්නා. 

සැකකරුවන් හෙට යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

අත්අඩංගුවට ගත් රොසානාගේ සහෝදරයා වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුද මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 

ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20