AFC Banner
AFC Banner
Empty Ad

ගමට කරදරයක් වූ බබී අත්අඩංගුවට (වීඩියෝ)

මීටියාගොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රබල සාමාජිකයකු වන “බබී” නම් සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධී මත්ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබූ අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලබාදුන් තොරතුරක් මතයි මීටියාගොඩ ඩොමි ජයවර්ධන මාවතේ වැටලීම සිදු කර ඇත්තේ.

සැකකරු සමග නීති විරෝධී මත්පැන් ලීටර් 40ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරු නිවසේ රේස් බුකියක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල යෙදී ඇතැයි සඳහන්.

මේ සඳහා ඔහුගේ නිවස වටා ආරක්ෂිත කැමරා ද සවි කර වෙනත් ආරක්ෂිත ක්‍රම මෙන්ම පුද්ගලික ඔත්තුකරුවන් ද යොදා ගනිමින් ජාවාරමේ සිදු කරගෙන ගොස් තිබෙනවා.

විශේෂයෙන් සැකකරුගේ ළඟම ඥාතියකු රජයේ උසස් නිලධාරියෙකුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරන බැවින් එයට මුවාවී මෙම කටයුතු කරගෙන ගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 47ක් වයසැති අයෙක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මීටියාගොඩ පොලිසියට භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?