ගමට කරදරයක් වූ බබී අත්අඩංගුවට (වීඩියෝ)

මීටියාගොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රබල සාමාජිකයකු වන “බබී” නම් සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධී මත්ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබූ අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලබාදුන් තොරතුරක් මතයි මීටියාගොඩ ඩොමි ජයවර්ධන මාවතේ වැටලීම සිදු කර ඇත්තේ.

සැකකරු සමග නීති විරෝධී මත්පැන් ලීටර් 40ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරු නිවසේ රේස් බුකියක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල යෙදී ඇතැයි සඳහන්.

මේ සඳහා ඔහුගේ නිවස වටා ආරක්ෂිත කැමරා ද සවි කර වෙනත් ආරක්ෂිත ක්‍රම මෙන්ම පුද්ගලික ඔත්තුකරුවන් ද යොදා ගනිමින් ජාවාරමේ සිදු කරගෙන ගොස් තිබෙනවා.

විශේෂයෙන් සැකකරුගේ ළඟම ඥාතියකු රජයේ උසස් නිලධාරියෙකුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරන බැවින් එයට මුවාවී මෙම කටයුතු කරගෙන ගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 47ක් වයසැති අයෙක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මීටියාගොඩ පොලිසියට භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56