ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ඇල්ලූ තවත් දෙදෙනකු මාර්තු 07 තෙක් රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් උදාර නිර්මාල් ගුණරත්න සහ නලින් දුෂ්ශන්ත යන සැකකරුවන් දෙදෙනා අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකළ බවත් රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.

මෙම සැකකරුවන් සම්බන්ධ විමර්ශන අවසන් වී නොමැති හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සඳහා යොදාගත් ජංගම දුරකථන සිම්පතක් ලබා ගැනීමට ආධාර අනුබල දීම මෙම සැකකරුවන් විසින් සිදුකර ඇති බව සඳහන් කළ පොලිසිය ඒ අනුව ඔවුන් සැකපිට අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?