ගනේමුල්ල සංජීව ඝාතනයේ ඇසින් දුටු සාක්ෂි විභාගය හෙටට කල් දැමෙයි

ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද (27) දිනට නියමිත ව තිබුණ ද, එය හෙට (28) දින දක්වා කල් දමා තිබෙනවා.

එසේ කල් තැබීමට නිශ්චිත හේතුවක් අනාවරණය නොවන අතර, ඒ අනුව එකී නඩු විභාගයේ ඇසින් දුටු සාක්ෂි පිළිබඳ ව වන විභාග කටයුතු හෙට දිනය තුළ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ දී සිදු කෙරෙනු ඇති.

පෙබරවාරි මස 19 වැනි දින පෙරවරු 09ට පමණ ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ සිට ගනේමුල්ල සංජීව ව දැඩි ආරක්ෂාවක් මැද රැගෙන ආවේ අංක 09 දරණ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මතයි.

නමුත් එදින එම විනිසුරුවරයා නොපැමිණීම හේතුවෙන් එදිනටම සංජීවට එරෙහිව තිබූ තවත් නඩුවක් සඳහා ඔහුව අංක 05 දරණ උසාවිය වෙත ද ඉදිරිපත් කළා.

එම නඩු කටයුත්ත අවසන් ව හෙතෙම විත්ති කූඩුවෙන් පිටත්වීමට සූදානම් වන විට ම නීතිඥ වෙස්ගෙන පැමිණි අයෙක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හේතුවෙන් ගනේමුල්ල සංජීව නමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.

මේ සම්බන්ධයෙන් වන දෙවැනි සාක්ෂි විභාගයයි අද දිනට යෙදී තිබුණ ද හෙට දින තෙක් කල් දමා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?