ගනේමුල්ල සංජීවට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට (වීඩියෝ)

ගනේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයා ඝාතනයේ ප්‍රධාන සැකකරු ව අද (19) පස්වරුවේ පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – පාලවිය ප්‍රදේශයේ දියි.

මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් හඳුන්වන මෙම සැකකරු 34 හැවිරිදි අයෙක්.

සැකකරු මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ හිටපු සෙබළෙකු බවටත්; ඔහු ඝාතනය සිදු කර වෑන් රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසෙනවා.

එමෙන්ම මෙම සැකකරුට ගිනි අවිය ලබා දී අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දුන් කාන්තාව මීගමුව ප්‍රදේශයෙන් අදාළ ගිනි අවිය ගෙන ආ බවත් ඇය එම ප්‍රදේශයේ ම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

එමෙන්ම මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ ප්‍රධාන සැකකාර පුද්ගලයා මීට පෙර දිනෙක දෙහිවල – වටරප්පල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකුට වෙඩි තැබූ වෙඩික්කරු බවට ද හඳුනාගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රාකාශකවරයා සඳහන් කළේ.

ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තැබීමට ගෙනා රිවෝල්වරය උසාවි සංකීර්ණයට ඝනකමැති පොතක් තුළ සඟවා තබාගෙන රැගෙන විත් ඇති අතර එය සාමාන්‍යයෙන් නීතිඥවරුන් භාවිතා කරන නීතියේ අත්පොත ලෙස සැලකෙන ‘ අපරාධ නඩු විධාන සංග්‍රහය’ බව ද හෙළි ව තිබෙනවා.

එහි පිටු මත රිවෝල්වරයක් සැඟවීමට හැකි අයුරින් ඒ හැඩැති ලෙසින් ම කපා ඊට රිවෝල්වරයා රිංගවා ඇති බවයි සිදු කළ මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළි වුණේ.

වෙඩි තබා ඝාතනය කෙරුණු ගනේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයා මෙරට දී ඝාතන 19කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහුට විරුද්ධව එල්ල වී ඇති ඝාතන චෝදනා ගණන 39කට ආසන්න බවත් පැවසෙනවා.

ඔහු ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ සිට දැඩි පොලිස් හා විශේෂ කාර්‍යය බලකායේ නිලධාරීන්ගේ රැකවල් මධ්‍යයේ අද දින අලුත්කඩේ අංක 05 දරන මහේස්ත්‍රාත් අධිකරණයට පමුණුවනු ලැබූ අතර, එය අවසන් වී විත්ති කූඩුවෙන් බැසීමට සූදානම් වන විට දී ම නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන සිටි තැනැත්තෙකු පැමිණ වෙඩි ප්‍රහාර කිහිපයක් චූදිතයාගේ පපු ප්‍රදේශයට තබා පලා ගොස් ඇත්තේ ද වෙඩි තැබූ රිවෝල්වරය ද ඒ අසල අධිකරණ පරිශ්‍රයේ අතහැර දමමින්.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන ආරක්ෂිත කැමරා දර්ශන නිකුත් වූ අතර එහිදී පෙන්නුම් කෙරෙනුයේ වෙඩික්කරු හිස් අතින් උසාවියට පැමිණෙන බවත්; එහි සිටි නීතිඥවරියක සේ වෙස් ගත් කාන්තාවක විසින් අදාළ ගිනිඅවිය බහාලු අපරාධ නඩු විධාන සංග්‍රහය නමැති කෘතිය වෙඩික්කරුට ලබා දී ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කිරීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් වැඩබලන පොලිස්පතිවරයා විසින් අද පෙරවරුවේ ම පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08