AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධියට ඇල්ලූ ඉෂාරාගේ මව හා සොහොයුරා රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ බව වන සේසත්පුර දේවගේ සමන්ති සහ සොහොයුරා වන පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කළා.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බවත් ඔවුන් තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධියට පෙර වෙඩික්කරුගේ මැසෙන්ජර් ගිණුමෙන් උසාවිය ළඟ දී “සංජීවට ගහනවා” යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබූ බවත් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව “වැඩේ ඉවරයි” යනුවෙන් තවත් පණිවිඩයක් එවා තිබූ බවත් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවා.

එමෙන්ම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සිදු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන තිබෙන සිය මවගේ බැංකු ගිණුම හරහා බවත් ප්‍රහාරයෙන් පසුව ඇය මීගමුව ප්‍රදේශයේ දී රෙදි මිල දී ගෙන ඇත්තේ ද ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවත් පොලිසිය සඳහන් කළා.

ඒ අනුව මෙම ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු හා සැකකාරිය රඳවා තබා විමර්ශනය කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?