ගන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් අල්ලයි

පසුගිය මාර්තු මස 21 වනදා ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී තරුණයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුවන් ප්‍රවාහනය කරමින් ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරු ඊයේ (24) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 33ක් වන තලල්ල දකුණ, ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?