ගජ මුතු සමඟ 4ක් අත්අඩංගුවට

දෙහිඕවිට අල්ගොඩ ප්‍රදේශයේදී ගජමුතුවක් බවට සැක කෙරෙන වස්තුවක් සමග සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ගොඩ ප්‍රදේශයේ ගජමුතු ජාවාරමක් සිදු කෙරෙන බවට දෙහිඕවිට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

ඒ අනුව උපාය දූතයෙකු යොදවා ගජමුතුව මිලදී ගැනීමට බව පවසමින් සැකකරුවන් අල්ගොඩ පාලම අසලට ගෙන්වාගෙන තිබෙනවා.

එහිදීයි ගජමුතුවක් බවට සැක කෙරෙන වස්තුවක් සහ වෑන් රථයක් සමග සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගජමුතුවකට සමාන මෙම වස්තුව ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 400ක බරකින් යුක්ත වන බවයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවනැල්ල සහ පිළිමතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26