spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගජ මුතු සමඟ 4ක් අත්අඩංගුවට

දෙහිඕවිට අල්ගොඩ ප්‍රදේශයේදී ගජමුතුවක් බවට සැක කෙරෙන වස්තුවක් සමග සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ගොඩ ප්‍රදේශයේ ගජමුතු ජාවාරමක් සිදු කෙරෙන බවට දෙහිඕවිට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

ඒ අනුව උපාය දූතයෙකු යොදවා ගජමුතුව මිලදී ගැනීමට බව පවසමින් සැකකරුවන් අල්ගොඩ පාලම අසලට ගෙන්වාගෙන තිබෙනවා.

එහිදීයි ගජමුතුවක් බවට සැක කෙරෙන වස්තුවක් සහ වෑන් රථයක් සමග සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගජමුතුවකට සමාන මෙම වස්තුව ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 400ක බරකින් යුක්ත වන බවයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවනැල්ල සහ පිළිමතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?