ගගේවාඩියට තර්ජනයක් කළ දිවියා මහත් පරිශ්‍රමයකින් අල්ලා ගනියි

වනාතවිල්ලුව – ගගේවාඩිය ධීවර ගම්මානයට කඩා වැදී ගම්මුන් බිය කරමින් සිටි දැවැන්ත දිවියෙකුව නිර්වින්දනය කර අල්ලාගෙන විල්පත්තුව ජාතික
වනෝද්‍යානයට මුදා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම දිවියා අඩි 06ක් පමණ දිගින් යුත් වයස අවුරුදු 35ක් පමණ වන සත්ත්වයෙකු බවයි.

ඊයේ (01) දහවල් කාලයේ ධීවර තොටුපොළ අසල මෙම දිවියා ගැවසෙන ආකාරය ගම්මුන් දැක ඒ බව වනජීවීයට දැනුම්දී තිබෙනවා.

ඒ අතරතුර දිවියාගේ පහරදීමකට ලක් ව එම ප්‍රදේශයේ සුනඛයින් දෙදෙනකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් දිවියා අල්ලා ගන්නා තෙක් වනජීවී නිලධාරීන් හා වනාතවිල්ලුව පොලිසිය එක්ව ඊයේ රාත්‍රී කාලය පුරාම ගම්මුන්ට ආරක්ෂාව සපයා තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් අද (02) පස්වරුවේ මහත් පරිශ්‍රමයක් දරා දිවියා ව අල්ලා ගැනීමට
කටයුතු කර එම සත්ත්වයාට ප්‍රතිකාර දීමෙන් පසු විල්පත්තුව වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කළා.

මෙම මෙහෙයුම සඳහා වනාතවිල්ලුව පොලිසිය හා ගගේවාඩිය නාවික කඳවුරෙන් ද සහාය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?